ඇතැම් බටහිර මාධ්‍යවල හැසිරීම පිළිබද චීන මාධ්‍ය සමූහයේ ප්‍රතිචාරය

(කොළඹ, ලංකාපුවත්) –ඇතැම් බටහිර මාධ්‍ය, චීනය පිළිබඳව වාර්තා කිරීමේදී අන්ධ ආකල්පයක සිට ආරංචි සහ කටකතා, පුවත් ලෙස පළ කරන බව චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ෂෙන් හයි සියුං මහතා කියා සිටී.

2020, නව වසර නිමිත්තෙන් හෙතෙම ඊයේ නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයේ මේ බව දැක්වේ.

ඉකුත් වසර තුළ චීනයේ වර්ධන මාර්ගයේ සෑම අපූරු මොහොතක්ම ග්‍රහණය කර ගැනීමටත්, නව යුගයේ සැබෑ චීනය ලොවට පෙන්නුම් කිරීමටත් චීන මාධ්‍ය සමූහයඋත්සාහ කළ බව අධ්‍යක්ෂ ජනරාල් වරයා පැවසීය.එහෙත්,ඇතැම් බටහිර මාධ්‍ය, චීනය සම්බන්ධයෙන් සිදු කළ වාර්තාකරණය පිළිබඳව ඔහු කණගාටුව පළකරයි.

ඇතැම් ප්‍රවෘත්ති හා සාහිත්‍ය නවකතා අතර වෙනසක් නොවීය. සත්‍යය, ප්‍රවෘත්ති වාර්තා වල ජීවය බව පොදු පිළිගැනීමයි.පරිකල්පනයෙන් වාර්තා කොට නවකතාවක් ලෙස ප්‍රවෘත්ති ලියන්නේ නම්, එය ඕනෑම මාධ්‍යයක විශ්වසනීයත්වයට බරපතල හානියක් බව ද,ෂෙන් හයි සියුං මහතා පෙන්වා දෙයි.වෘත්තීය ආචාර ධර්ම පිළිපදින මාධ්‍ය ප්‍රධානීන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

සත්‍යය ලුහුබැඳීම සහ අගතිය තුරන් කිරීම අතිශයින්ම වැදගත්ය. විෂයමූලික හා සාධාරණ ස්ථාවරයක අඛණ්ඩව සිටිනචීන මාධ්‍ය සමූහය, සත්‍යය සහ යුක්තිය ජගත් ප්‍රජාවට බෙදා දීමට සූදානමින් සිටින බව, අධ්‍යක්ෂ ජනරාල් ෂෙන් හයි සියුං මහතා, නව අවුරුදු සූභ පැතුම් පණිවුඩය මගින් කියා සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *