ඔස්ට්‍රේලියානු අගමැතිට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය

(කොළඹ, ලංකාපුවත්) –ලැව් ගිනි දැඩිව පැතිරෙන කාල වකවානුව තුළ අමෙරිකාවේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටීම හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල චාරිකාවක නිරතවූ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොබාර්ගෝ නගරයට ගිය විට එහි සිටි ස්ත්‍රියක් අගමැති මොරිසන්ට අතට අත දීමට අකමැති විය. නමුත් අගමැතිවරයාම ඇයගේ අත අල්ලාගෙන සුවදුක් විමසන්නට වූ අතර ඇතැමුන් එහිදී අගමැතිවරයාට විරෝධයක් එල්ල කර තිබේ.

ඔස්ට්‍රේලියා නාවික හමුදාව විසින් ලැව් ගිනි පැතිර යන මුහුදුබඩ ප්‍රදේශවල සිරවී සිටින ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

විශේෂ නෞකාවක් ඒ සඳහා යොදවා ඇති අතර 1000 කට ආසන්න පිරිසක් ගලවා ගැනීම අරමුණ වී ඇති අතර ලැව් ගිනි උග්‍ර වීමත් සමග 4000 ක පමණ පිරිසක් වෙරළබඩ ප්‍රදේශවලට පළාගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *