ඕස්ට්‍රේලියාවේ සතුන් මිලියන ගණනක් ලැව්ගිනිවලට බිලි

(කොළඹ, ලංකාපුවත්) –ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලින් සතුන් මිලියන 480ක් පමණ බලපෑමට ලක්ව ඇතැයි සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ක්‍රිස් ඩික්මන් පවසා ඇත.

ඔහු විසින් නිකුත් කළ වාර්තාවේ අන්තර්ගතයේ නිශ්චිත වශයෙන් සතුන් මියගිය ගණනක් සඳහන් නොවන නමුත් එහි මාතෘකාවේ සඳහන් වී ඇත්තේ සතුන් මිලියන 480ක් මියගොස් ඇති බවයි.

මේ ගණනය කිරීම සිදු කර ඇත්තේ ගින්නෙන් දැවී ගිය හෙක්ටයාරයක ක්ෂීරපායී සතුන් 18ක්, කුරුල්ලන් 21ක් හා උරගයන් 130ක් මියගොස් ඇති බවට සලකමින් බව වාර්තා වේ. මේ වන විට හෙක්ටයාර ලක්ෂ 9ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව බලධාරීන් විසින් මාධ්‍යයට දන්වා ඇත.

ලොව ඇති සුවිශේෂ සත්ත්ව විශේෂ රැසකට නිවහන වන ඕස්ට්‍රේලියාවේ ඇතිව තිබෙන මේ තත්ත්වය පිළිබඳ මුළු ලොවම අතිශය කම්පාවට පත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 17 =