දූපත් 38ක් විනාශ වීමේ අවදානමක

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ සාගර ගණනාවක පිහිටි, සංවර්ධනය වෙමින් පවතින රටවල කුඩා දූපත් ගණනාවක් මුහුදු ජල මට්ටම ඉහළ ගොස්, දේශගුණ විපර්යාසවලට ලක් වී විනාශ වීමේ අවදානමක් පවතින බවත් එම දූපත් ලෝකයේ වැඩිම අවදානමක් සහිත ස්ථාන අතර පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ ජල, පරිසර සහ සෞඛ්‍ය පිළිබඳව වන විශ්වවිද්‍යාලයේ නවතම සමීක්ෂණයකින් අවධාරණය කර ඇත්තේ කැරීබියන්, පැසිෆික් සහ අත්ලාන්තික්, ඉන්දීයන් සාගරය, මධ්‍යධරණි, චීන මුහුදු කලාපවල පිහිටි සංවර්ධනය වන රාජ්‍යවල කුඩා දූපත් 38ක් තිබෙන බවත් මෙම දූපත් කාලගුණික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් අනතුරකට ලක් වීමේ ප්‍රවණතාවෙන් ඉහළ බවය.

මෙවැනි දූපත්වල වැසියන් සිය ආර්ථිකය ස්ථාවර කර ගත යුතු වන අතර සිය ජනගහනයේ දිවිපෙවෙත තහවුරු කරගත යුතු බවත් එහි අර්ථය වන්නේ එම වැසියන් ඉතා ඉහළ මට්ටමින් ජලය ඉහළ යෑමේ සහ විවිධ කාලගුණ විපර්යාසයන්ට ගොදුරු වීමේ අවදානම ඉහළ වීම වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *