මයිකල් ජැක්සන්ට එරෙහිව අපයෝජන නඩු දෙකක් යළි විභාගයට

(කොළඹ, ලංකාපුවත්) –සුප්‍රසිද්ධ පොප් ගායක මයිකල් ජැක්සන්ට එරෙහිව පැවැති ලිංගික අපයෝජන නඩු දෙකක් කැලිෆෝනියා අධිකරණයක් විසින් යළි විභාගයට ගැනීමට සූදානම් වේ.

ජේම්ස් සේෆ්චක් සහ වේඩ් රොබ්සන් නැමැති පුද්ගලයින් දෙදෙනා විසින් මෙම නඩු ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කුඩා කාලයේ දී අදාළ පුද්ගලයින් දෙදෙනාව මයිකල් ජැක්සන් විසින් අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම දෙදෙනාම අදාළ චෝදනාව ගොනු කරන විට වයස අවුරුදු 26 පිරීම තිබීම නිමිත්තෙන් අධිකරණය මගින් එය ප්‍රතික්ෂේප කර තිබුණි. කෙසේ වෙතත් ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මකවන නව නීතිය යටතේ එවැනි චෝදනාවන් ගොනු කිරීමට තිබූ වයස් සීමාව අවුරුදු 40 දක්වා දීර්ඝ කෙරුණි. ඒ අනුව ජේම්ස් සේෆ්චක්ට සහ වේඩ් රොබ්සන්ට , සුපිරි පොප් ගායකයාට එරෙහිව ගොනු කර තිබූ නඩු විභාගය යළි විභාග කිරීමට කටයුතු කෙරුණු ඇත.

කැලිෆෝනියාව තුළ දරුවන්ගේ සුරක්‍ෂිතතාවය වඩාත් තහවුරු කිරීහ සදහා අධිකරණය මගින් ගනුලැබූ මෙම තීරණය අතිශය වැදගත් බව මෙම නඩු විභාගය සිදු කෙරෙන කමිටු නීතිඥ වින්ස් ෆිනල්ඩි ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *