ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ප්‍රසිද්ධ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සකස් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය රාජ්‍ය, රාජ්‍ය නොවන (දේශිය හා විදේශීය), සිවිල්, ප්‍රජා ස්වේච්ඡා පාර්ශවකරුවන් මෙන්ම ළමයින්ගේ ද අදහස් ඇතුළත් කර මහජන අදහස් විමසීමෙන් අනතුරුව සම්පාදනය කරන ලදි.

මේ වනවිට කැබිනට් අනුමැතිය ලබා ඇති මෙම ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සියළු පාර්ශවයන්ගේ දැන ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියට ඇතුළත් කොට ඇතැයි අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය.

එය දීර්ඝ කාලීන ව්‍යායාමයක ප්‍රතිඵලයකි. මේ සඳහා 2019.10.29 දින කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර, එය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිල වෙබ් අඩවියෙන්(www.childprotection.gov.lk) ලබාගත හැකිය.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණ කටයුතු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *