බඩඉරිඟු ආනයනය නවත්වයි

(කොළඹ, ලංකාපුවත්) – මේ ජනවාරි 15 දිනෙන් පසු බඩඉරිඟු ආනයනයට අවසර නොදෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දේශීය බඩඉරිඟු ගොවීන්ගේ අස්වැන්න ජනවාරි මාසයේ සිට වෙළෙඳ පොළට නිකුත්වෙමින් පවතින බැවින්, මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂිකර්ම තාක්ෂණ)ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. දේශීය ගොවියාගේ බඩ ඉරිඟු අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවද ආචාර්ය අජන්ත දසිල්වා මහතා පැවසීය.

බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් දේශීය පරිභෝජනය සඳහා වසරකට අවශ්‍ය වන අතර, එය වැඩි වශයෙන් යොදා ගන්නේ සත්ත්ව ආහාර සඳහායි. මෙම ප්‍රමාණය දේශීය බඩ ඉරිඟු ගොවීන්ගෙන් සපයා ගැනීමට අපහසු වූ බැවින් පසුගිය වසර ගණනාවක් බඩඉරිඟු ආනයනය කිරීමට රජයට සිදු විය. පසුගිය වසරේ අනයනය කළ බඩඉරිඟු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *