‘ikman’ දැන්වීම් වර්ගීකරණ ගාස්තු පහත හෙළයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman හි විවිධ භාණ්ඩ වර්ගීකරණය සඳහා අය කරන ලද ගාස්තු සංශෝධනය කර තිබේ. එමගින් භාණ්ඩ අලෙවිකරුවන්ට ආකර්ශනීය දිරිගැන්වීමක් ලබා දී ඇති බව සමාගම සඳහන් කරයි.

ගනුදෙනුකරුවන් වෙත භාණ්ඩ විකිණීමේ ක‍්‍රියාවලිය වේගවත් කරමින් එය දිරි ගැන්වීමත්, විකිනුම්කරුවන් වශයෙන් ikman වෙත ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමත් අරමුණු කර ගනිමින් කාර්, වැන්, බස්, ලොරි, බර යන්ත්‍රෝපකරණ, සහ ට‍්‍රැක්ටර් වල මිලියනයට අඩු වටිනාකමක් සහිත දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය කරනු නොලැබේ.

මීට අමතරව, නිවාස, ඉඩම් සහ වාණිජ දේපළ වල රු. මිලියනයකට අඩු වටිනාකම් සහිත දැන්වීම් ද වර්ගීකරණ ගාස්තුවෙන් නිදහස් කර ඇති අතර මිලියන අටකට අඩු වටිනාකම් සහිත මහල් නිවාස දැන්වීම් කරුවන්ට ද වර්ගීකරණ ගාස්තු අය නොකරන බව සමාගම දැනුම් දෙයි.

එසේම තම නිවාස, ඉඩම්, වාණිජ දේපළ කුලී පදනම මත ලබා දීමේ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට කැමති පාරිභෝගිකයින්ගේ මාසික අයකිරීම රු. 10,000 කට අඩු දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය නොකෙරෙන අතර මහල් නිවාස සඳහා ද මසක අය කිරීම රු.20,000ට අඩු දැන්වීම් සඳහා වර්ගීකරණ ගාස්තු අය නොකරන බව සමාගම සඳහන් කරයි.

එසේම ත‍්‍රිරෝද රථ සහ පාපැදි අලෙවිකරුවන් සඳහා වර්ගීකරණ ගාස්තු ලෙස මෙතෙක් අය කරන ලද රු. 1,200 ගාස්තුව රු. 900 ක් දක්වා අඩු කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අලෙවිකරුවන්ට වැඩි ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමටත්, නව පරිශීලකයින් ජාලය වෙත එකතු කර ගැනීමටත්, නිරන්තරයෙන් නව ගැනුම්කරුවන්ගේ පැමිණීම් අත් විඳීමටත් මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත.

”අපගේ විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ගනුදෙනු හරහා අපේක්ෂාකරන කරන සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට සහය ලබා දීම කෙරෙහි අපගේ අවධානය යොමු වී තිබෙනවා. විවිධ කාණ්ඩ හරහා ලැයිස්තුගත කිරීමේ ගාස්තු අඩු කිරීම මගින් විකුණුම්කරුවන්ට ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමත් බාධක ඉවත් කර දීමත් මගින් ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කරනවා.’’ යැයි ikman මෙහෙයුම් අධ්‍යක්ෂ ෂයිෆ් මොහොමඞ් මහතා සඳහන් කළේය.

ikman වෙත ගනුදෙනුකරුවන් විශාල වශයෙන් ප‍්‍රවිෂ්ඨ වන අතර එහිදී දිනකට දැන්වීම් 12,000 ක් සහ මසකට දැන්වීම් 350,000 කට වඩා පලකරනු ලබයි. එහිදී විකිණුම්කරුවන්ට දැන්වීම් සඳහා වඩාත් ආකර්ශනයකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී ප‍්‍රවර්ධන ක‍්‍රම ද ikman හඳුන්වාදී තිබේ.

ikman‘Top Ad’ දැන්වීම් ප‍්‍රවර්ධන ක‍්‍රමවේදය මගින් ලැයිස්තුගත පිටුවේ ඉහළින්ම දැන්වීම දර්ශනය වේ. සාමාන්‍ය වෙළඳ දැන්වීම් වලින් කැපී පෙනෙන ලෙස කහ පැහැයෙන් මෙම දැන්වීම් ඉස්මතු කර ඇති අතර ‘Top Ad’ ලාංඡනය ප‍්‍රදර්ශනය කරන විට ගැනුම්කරුවන්ගේ ඉහළ අවධානයක් ඒ සඳහා යොමුවේ. එමෙන්ම මිලදී ගැනීමක් සඳහා වන ගැනුම්කරුගේ අදහස් සුරක්ෂිත වේ.

‘Bump Up’ ප‍්‍රවර්ධන ක‍්‍රමය මගින් දැන්වීම ස්වයංක‍්‍රීයව දිනකට එක් වරක් ලැයිස්තුගත කිරීම්වල ඉහළට ගෙන එයි. සාමාන්‍යයෙන් එය ප‍්‍රවර්ධනය ක‍්‍රියාත්මක කරන වේලාව මත පදනම්ව ක‍්‍රියාත්මක වේ. එහිදී මෙම ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීය සිදු බැවින් එයට අමතර වෑයමක් අවශ්‍ය නොවන අතර දැන්වීම දිනපතා පළ කර ඇති බවක් පෙන්නුම් කරන අතර වැඩි ප‍්‍රතිචාර ප‍්‍රමාණයක් ලබා ගැනීමට සමත් වේ.

‘Spotlight’ ප‍්‍රවර්ධනය මගින් භාණ්ඩයේ පැහැදිලි සහ වඩා විශාල රූප පෙන්නුම් කරනු ලබයි. විකුණුම්කරුවන්ට වාරික මගින් ගෙවීම් පිලිබඳ විස්තර දැක්වීමට ස්ථානයක් වෙනම වෙන්කර ඇත. ඒ අනුව ගැනුම්කරුවන්ගෙන් ක්ෂණික අවධානයක් ලබා ගැනීම සඳහා ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම ක‍්‍රමවේදය වඩාත් සුදුසු වේ.

විකිණීමේ හදිසි අවශ්‍යතාව ගැනුම්කරුවන්ගේ අවධානයට ලක් කරවීම සඳහා ikman හි ‘Urgent’ ප‍්‍රවර්ධන දැන්වීම් රතු පැහැති ටැගයක් සහිතව පෙන්නුම් කෙරේ.

මෙම ප‍්‍රවර්ධනයන් මගින්, විකුණුම්කරුවන්ට ඔවුන්ගේ දැන්වීම් කැපී පෙනෙන අයුරින් පළකරමින් ඒ කෙරෙහි උනන්දුවක් දක්වන ගැනුම්කරුවන් වෙත ඉක්මණින් හා පහසුවෙන් ප‍්‍රවිෂ්ඨ වීමේ හැකියාව ikman සහතික කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *