අම්පාර කර්මාන්තපුරය කඩිනමින් යළි ඇරඹීම උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – අකර්මණ්‍ය වී ඇති අම්පාර කර්මාන්තපුරය කඩිනමින් යලි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරීන්ට නියෝග කළාය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (08)පැවැති විශේෂ හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

මෙම හමුව පැවැත්වීමට පෙර ආණ්ඩුකාරවරිය එම කර්මාන්ත පුරයේ නිරීක්ෂන චාරිකාවකද නිරත වුවාය

අම්පාර කර්මාන්ත පුරයේ කර්මාන්ත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දේශීය කර්මාන්ත කරුවන් පිරිසක් මෙහිදී ආණ්ඩුකාරවරිය හමුවූහ.

ඔවුන් සිය කර්මාන්තශාලා ආරම්භ කිරීමේදී එහි දැනට ඇති අපහසුතාවයන් පිළිබඳව ආණ්ඩුකාරවරිය දැනුවත් කලහ්‍

දීර්ඝකාලීන බදු පදනම මත මෙයින් ඉඩම් ලබා ගැනීමේදී මේ සදහා විශාල කාලයක් වැයවන බවත් එමඟින් කර්මාන්ත ආරම්භ කිරීමට බැංකු ණය ලබා ගැනීමේ කටයුතු ද ප්‍රමාද වන බවත් ඔවුන් කියා සිටියාය.

එහිදී ආණ්ඩුකාරවරිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේ ඉඩම නිදහස් කරන තුරු බැංකු ණය ලබා ගැනීමේ කටයුතුවලට සහාය දීම සදහා අදාළ ඉඩමේ බදු අයිතිය සහතික කරන ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙසය.

ඊට අමතරව එම කර්මාන්තකරුවන් ආණ්ඩුකාරවරියට කියා සිටියේ මෙම කර්මාන්තපුරයේ විදුලිය විසන්ධි වීම් නිරන්තරයෙන් සිදුවන බවයි

ඊට හේතුව කුමක්දැයි විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය

මෙම කර්මාන්තපුරයේ කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන් සිටීදැයි සොයා බලන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය. මේ අතර අම්පාර දිස්ත්‍රික්කය පුරා මහා පරිමාණ හාල් මෝල් හතරක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසද ආණ්ඩුකාරවරිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ගොවි සමිති හරහා එම කර්මාන්තශාලා නඩත්තුව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.

ඒ තුළින් වී ගොවියා ආරක්ෂා වන බවත් අතරමැදියන්ට යන මුදල් නතර කර ගැනීමට හැකියාව පවත් ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

ඊට අවශ්‍ය ඉඩම් වහාම නිදහස් කරන ලෙස දිස්ත්‍රික් ඉඩම් කොමසාරිස්වරිය ට එම අවස්ථාවේදීම ආන්ඩුකාරවරිය නියෝග කළාය.

අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවක වසම් 523 ම ආවරණය වන පරිදි මෙම හාල් මෝල් ආරම්භ කිරීමට කටයුතු සිදු කෙරේ.

මෙහි ප්‍රගතිය සොයා බැලීම සදහා තවත් මසකින් සාකච්ඡාවක් පවත්වන බවත් එදිනට මෙම වැඩසටහනේ ප්‍රගතිය විමසා බලන බව ද ආණ්ඩුකාරවරිය දැඩිව කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *