ඉරාන අර්බුදයත් සමග ශ්‍රී ලංකන් ගුවන් මාර්ගවල වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – මැදපෙරදිග, ගල්ෆ් ගලාපයේ මතුව ඇති අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ලන්ඩන් දක්වා වන සිය ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉරාන හා ඉරාක ගුවන් අවකාශය මගහැර ගුවන් කටයුතු සිදුකිරීමට එම සමාගම තීරණය කර ඇත. මගීන්ගේ හා කාර්ය මණ්ඩල ආරක්ෂව ප්‍රමුඛකර ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අදාළ අධිකාරයන් සමග සාකච්ඡාකර ගුවන් සමාගම මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *