බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් පසු ජෙනරාල් සොලෙයිමනි ගේ අවසන් කටයුතු සිදු කෙරෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන දෙකකට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර පැය කිහිපයකට පසු ජෙනරාල්වරයා ගේ දේහය කෙර්මන් හි දී මිහිදන් කළ බව විදෙස් පුවත් වාර්තා කරයි.

අමෙරිකානු ප්‍රහාරයකින් මිය ගිය ඉරානයේ ජෙනරාල් කාසිම් සොලෙයිමනි ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැවැති උත්සවයේ දී ඇති වූ තෙරපීම හේතුවෙන් ඊට සහභාගි වූ 60 දෙනකු වත් මියගොස් ඇති අතර තවත් 200 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

අවසන් කටයුතු සඳහා දේහය ඔහුගේ උපන් ගම වන කෙර්මන් හි මධ්‍යම චතුරශ්‍ර යේ වෙත රැගෙන යන අවස්ථාව සඳහා විශාල ජනකායක් සහභාගි වී ඇති බවත් ඔවුහු ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියනයක පමණක් ජනතාව ඉදිරියේ ඉරාන විප්ලවවාදී ආරක්ෂක ප්‍රධානී හුසේන් සලාමි ප්‍රකාශ කළේ මෙම ඝාතනය එරෙහිව පළිගන්නා බවත් සොලෙයිමනීගේ ජීවතයට වඩා මරණය බලවත් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *