ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම්

(කොළඹ, ලංකාපුවත්) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාදවලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබිණි.

එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමක් ද ඊයේ(07) සිට ක්‍රියාත්මක කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *