ජනපති හදිසියේම ජාතික රෝහලේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රෝහලේ හා පිට පලාත් රෝහල්වල පවත්නා ගැටළු පිලිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ අවධානය යොමු කළේය.

කොළඹ ජාතික රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ පිලිබද සොයා බලා ඇත.

අද (09) දහවල් ජාතික රෝහලට පැමිණි ජනාධිපතිතුමා බාහිර රෝගී අංශයේදී රෝගීන් සමග කතාබහක නිරත විය. මෙහිදී ඔවුන් පිලිබද තොරතුරු සොයා බලා තිබේ. ජනාධිපතිතුමා රෝගීන්ගේ ගම්, ප්‍රදේශ පිලිබද විමසූ අතර දුරබැහැර ප්‍රදේශවල සිට ඔවුන් ජාතික රෝහලට පැමිණීමට හේතු සොයා බැලුවේය. කොළඹින් පිට පළාත්වල රෝහල්වල පවතින ගැටළු සම්බන්ධයෙන් මෙම පිරිස ජනාධිපතිතුමා දැනුවත් කරන ලදි.

ජාතික රෝහලේ පවත්නා ගැටළු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළහ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + one =