දිඹුලාගල නාහිමියන්ගේ ජිවමාන ප්‍රතිමාවක්

(කොළඹ, ලංකාපුවත්) – දිඹුලාගල නායක හිමිපාණන් නමින් ප්‍රචලිත පූජ්‍ය කිතලගම සිරි සීලාලංකාරාභිධානි නායක හිමිපාණන් වහන්සේගේ ජිවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් විවෘත කෙරේ.

ඊයේ (08) උදෑසන දිඹුලාගල ගල් ගුහා විහාරස්ථානයට දෙසට ඇති මඩකලපුව මංසන්දියේ දී එම ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබීය.

ප්‍රතිමාව නිරාවරණය කිරීම සිදු වූයේ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

දිඹුලාගල නායක හිමිපාණන් වහන්සේ 1995 මැයි මස 26 වන දින සිංහල, දමිළ සහ මුස්ලිම් ගොවීන් අස්වනු නෙළමින් සිටි ගොවිපලකට වැඩම කරමින් සිටියදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලදි.

මේ වසරේ මැයි මස 26 වන දිනට එළඹෙන 25 වන අනුස්මරණ සංවත්සරය සැමරීම වෙනුවෙන් ඉතා අලංකාරවත් ලෙස කහ වර්ණ සිවුරක් දරා සිටින පරාර්ථකාමී හිමිපාණන් වහන්සේගේ ප්‍රතිමාව ස්ථාපිත කරනු ලැබීය.

මෙම ප්‍රතිමාන විවෘත කිරීමේ උත්සවයේ දෙවන අදියර විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මනම්පිටිය ‘ප්‍රතිභා’ ශාලාවේදී ආරම්භ කෙරිණි.

එම උත්සවය අමතමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි’ යන සංකල්පයට අනුව අපවත්වී වදාළ දිඹුලාගල හිමිපාණන් වහන්සේ ජීවන තත්ත්වය ඉහළ නංවමින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල ආගමික, සමාජීය හා සංස්කෘතික ප්‍රමිතීන් නඟා සිටුවීම සඳහා අගනා සේවයක් ඉටුකළ බවයි.

ප්‍රතිමාවේ මූර්ති ශිල්පියා වූ දිඹුලාගල මගුල්දමන විද්‍යාලයේ ගුරුවරයෙකු වන ගිහාන් සෙනෙවිරත්න මහතා වෙත විශේෂ සමරුතිළිණයක් ප්‍රදානය කළේය. අපවත්වී වදාළ දිඹුලාගල නායක හිමිපාණන් වහන්සේගේ 25 වන සංවත්සර සැමරුම් මාලාව ආරම්භ කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ සියලුම භික්ෂූන් වහන්සේලාට දානමය පිංකමක්ද සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *