මධ්‍යම සංස්කෘතික අරමුදලේ නීතිවිරෝධී බඳවා ගැනීම් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව මධ්‍යම සංස්කෘතික අරමුදලට බඳවා ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් වගකීම එම නිලධාරීන් භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කර ඇති මෙතෙක් වැඩ අවසන් නොකළ සියලු ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අමාත්‍යාංශවලට අදාළ සියලු නිලධාරීන් එම රැස්වීමට සහභාගී විය. එම ආයතනවල දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ මෙන්ම ගැටලුට සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ගබඩා සඳහා දැනට පවතින ගොඩනැගිලි ලබා ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *