රන්ජන්ගේ හඬපට මුදාහළ බවට එල්ලවන චෝදනා පොලීසිය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධ හඬපට ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් පොලිසියට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

එමගින් මහජනතාව තුළ වැරදි ආකල්පයක් ඇතිවීමේ හැකියාවක් පවති. දීර්ඝ කාලයක සිට එම හඬපට ලඟ තබාගෙන සිටි පුද්ගලයන්ට එහි වගකීම පැවරෙන බව පොලිසිය පවසයි.

පොලිසියෙන් අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරයාගේ වම් මහපට ඇඟිලි සලකුණු සහිතව මුද්‍රා තබා ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *