ලෝක කදුකර දිනයදා හපුතලේ කඳු මුදුනේ දී සැමරුමක්

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර කදුකර දිනය සමරමින් මෙවරද 10 වන වරටත් ප්‍රභව කඳුතරණය හා සැමරුම් උත්සවය හපුතලේ කදු මුදුනේ අඩි 5850 ක් උසින් පිහිටි ප්‍රභව ජාත්‍යන්තර කඳුකර දින සැමරුම් ස්ථානයේ දි පරිසර හිතකාමි තරුණ බාල මහළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් සෙනසුරාදා(11) උත්කර්ෂවත් ලෙස පැවැත්විනි.

ජාත්‍යන්තර කඳුකර දිනය යෙදුන දෙසැම්බර් 11 වන දින සිට ප්‍රභව පරිසර සංවිධානයේ කඳු සැමරුම් අංශය මගින් පුරා මසයක කාලයක් පුරා කඳු හා පරිසර සුරකිම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මෙම කඳු සැමරුම් උත්සවය හා ප්‍රභව කඳු තරණය පවත්වන ලදි.

2002 වසරේ පැවති මිහිකත සමුළුවේ දි ගත් යෝජනාවකට අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 11 වන දා ලෝක කදුකර දිනය ලෙස ප්‍රකාශයට පත්කළ අතර මසයක් පුරාවට කදු තරණ, පරිසර සුරකිමේ වැඩසටහන්, කදුකර ප්‍රදේශ සංචාරක වශයෙන් ප්‍රචලිත කිරීම වැනි වැඩසටහන් සිදුකිරීමට ලෝව බොහෝ රටවල පරිසර සංවිධාන පියවර ගනි.

ජාත්‍යන්තර කදුකර දිනය මෙරට ප්‍රථමයෙන් සමරනු ලබන්නේ 2010 වර්ෂයේදිය. ප්‍රභව පරිසර සංවිධානය විසින් හපුතලේ කදු මුදුනේ අඩි 5850 ක් උසින් පිහිටි ප්‍රභව කදු සැමරුම් ස්ථානයේ දි ප්‍රථම සැමරුම සංවිධානය කළ අතර අද දක්වාම වාර්ෂිකව ප්‍රභව කදු තරණය සහ සැමරුම් උත්සවය පැවැත්වීම සිදුකරයි. ප්‍රභව සංවිධානයේ ප්‍රධානි අසංක ප්‍රභාත් රත්නායක සහ විධායක අධ්‍යක්ෂ රංජිත් කුමාර් කාරමේගම් ප්‍රමුඛ ප්‍රභව සාමාජිකයින් විසින් මෙම දිනය මෙරටට හදුන්වා දීමට පුරෝගාමිව කටයුතු කළ අයවේ.

හපුතලේ වන උද්‍යාන තුල පිහිටි සංචාරක නිකේතනය අසල දි හපුතලේ නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආරම්භක උත්සවය සඳහා පරිසර හිතකාමි තරුණ බාල මහළු විශාල පිරිස එක්ව සිටි අතර එහිදි කඳු ආරක්ෂා කිරීම සඳහා වර්ෂිකව කඳුකර දින සැමරුම් උත්සවයෙදි ප්‍රකාශයට පත්කරණ කඳුකර ප්‍රතිඥාව නගරාධිපතිතුමන් විසින් ප්‍රභව සාමාජිකයින් වෙත ලබා දිම සිදුවිය.

ඉන් අනතුරුව හපුතලේ වන උද්‍යානය, සර්වුඩ් වතු යාය හරහා ගමන්කල පිරිස කදු මුදුනට පැමිණ,ප්‍රභව ආකාශ සමගී චෛත්‍ය විහාරය සහ සුරංග මුනි කොවිලේ ආගමික වතාවත් වල නිරත වීමද සිදුවිය, ඉන් අනතුරුව ප්‍රභව කදු සැමරුම් ස්ථානෙය්දි කඳුකර ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව ආර්තාන්විත කඳුකර දිනය සැමරුම ආරම්භ විය. කඳු හා පරිසරය සුරකීම සම්බන්ද දැනුවත් කිරීම් වලින් අනතුරුව ප්‍රභව සමාජිකයින් විසින් සැකසු දේශිය ආහාර බුක්ති විදිමට පැමිණි පිරිසට අවස්ථාව හිමිවිය.

මෙම අවස්ථාවට හපුතලේ සර්වුඩ් වතුයායේ ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරි අනුර ශාන්ත ප්‍රභව සංවිධානයේ සභාපති කලිදු ජයසුන්දර, ප්‍රධානි අසංක ප්‍රභාත් රත්නායක සහ කැදවුම්කරු රංජිත් කුමාර් කාරමේගම් යන මහත්වරු, වතු යායේ සේවක සේවිකාවන්, හිංදු දහම් පාසලේ දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *