රංජන්ගේ දුරකථන සංවාද රස පරීක්ෂක විමර්ශන ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද(13)සිට ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බව වාර්තා වේ.

පසුගියදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ ද මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *