නිදහස් දින උළෙල නිදහස් චතුරශ්‍රයේ දී

(කොළඹ, ලංකාපුවත්) –72 වැනි ජාතික නිදහස් දින උත්සවය මෙවර මහත් අභිමානයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් පෙරේදා (14) නිදහස් මන්දිරයේදී රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී යටිතල පහසුකම් සංවර්ධනය,ප්‍රභූන්ගේ පැමිනීම, ආචාර පෙළපාලිය, සංස්කෘතික සංදර්ශනයන් පවත්වන ආකාරය , මෙන්ම ඒදිනට ක්‍රියාත්මක කිරීමට යෝජිත රථවාහන සැලැස්ම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කරුණු සාකචාඡා වූ අතර වඩා ක්‍රමවත් හා අලංකාර නිදහස් දින උත්සවයක් පැවැත්වීමට සියලු පාර්ශව කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ,ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද ඒක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *