මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්දු අමෙරිකාවට ?

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තනතුරෙහි වෙනසක් ඉදිරියේදී සිදුවිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දීය අගමැති කාර්යාලයේ සම ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ගෝපාල් බග්ලි මහතා දැනට මහකොමසාරිස් ධුරය දරන තරංජිත් සිං සන්දු මහතා වෙනුවට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

තරංජිත් සිං සන්දු අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා ලෙස පත් කිරීමට සැලසුම් කර ඇතැයි සදහන් වේ.
මීට පෙර ගෝපාල් බග්ලි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

සන්දු මහතා 2013 සහ 2017 අතර කාලය තුල වොෂිංටන් ඩීසී හි නියෝජ්‍ය ප්‍රධානී ලෙස සේවය කර ඇත. ඔහු 1997-2000 අතර ඩීසී හි ඉන්දියානු දූත මෙහෙවරෙහි සේවය කර ඇති අතර සාමාන්‍යයෙන් වොෂිංටන් ඩීසී කවයන් තුළ හුරුපුරුදු මුහුණක් යැයි විශ්වාස කෙරේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි මස අගදී හුදකලා සංචාරයක් සඳහා ඉන්දියාවේ සංචාරය කිරීමට ඇති ඉඩකඩ සැලකිල්ලට ගනිමින් සන්දුගේ පත්වීම සිදු කරනු ඇතැයි විශ්වාස කෙරෙන බවද ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *