රන්ජන්ගේ හඬපට විමර්ශනයට පොලිස් කණ්ඩායම් 10ක්

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබූ දුරකතන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් යොදවා තිබේ.

එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු, ස්ථානාධිපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත්ය.

රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති හඬපටවල පිටපත් පොලිසිය වෙත ලැබුණු පසු අදාළ කණ්ඩායම් වෙන් වෙන්ව එම හඬපට විශ්ලේෂණය කිරීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පරිගණක ආදියද ලබාදී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහායද ඒ සඳහා යොදා ගැනේ.

ලක්ෂයකට අධික හඬපට සංඛ්‍යාවක් විශ්ලේෂණය කිරීමට සිදුව ඇති බව පොලීසිය පවසයි. එම හඬපට කඩිනමින් මෙන්ම සියුම්ව විශ්ලේෂණය කළ යුතු බැවිනුයි ඒ සඳහා කණ්ඩායම් 10 ක් පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *