සිවිල් ගුවන්සේවා අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවාවේ නියාමන ආයතනයවන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උපුල් ධර්මදාස මහතා අද(16) උදෑසන එම අධිකාරියේ දී වැඩකටයුතු ආරම්භ කළේය.

අතීතයේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවක් ලෙස සිවිල් ගුවන්සේවා නියාමන කටයුතු ආරම්භ කළ අතර 2002 වර්ෂයේ දී සිවිල් ගුවන් සේවා අධිකාරිය බිහිවිය‍. උපුල් ධර්මදාස මහතා පත්වන්නේ එහි 07වන සභාපතිවරයා ලෙසය.

1974 වර්ෂයේ එයාර් සිලෝන් සමාගමට සම්බන්ධ වූ ඒ මහතා පසුකාලීනව අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රෙය් හා සංචාරක ක්ෂේත්‍රෙය් දීර්ඝකාලීන අත්දැකීම හිමිකරගෙන තිබේ. සිය වෘත්තීමය ජීවිතය තුළ පසුගිය වසර 40 තුළ දී රටවල් 50කට අධික ප්‍රමාණයක සංචාරය කරමින්, ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමට ධර්මදාස මහතා කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *