කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා අවසර

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නගරයේ සිට අභ්‍යන්තර මගී ගුවන් ගමන් සඳහා පනවා තිබූ තහනම වසර 25 කට පසු ඉවත් කර තිබේ.

ඒ අනුව, ගාලුමුවදොර පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් ගොඩබැස්විය හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

තහනම ඉවත් කරමින් ඒ, සඳහා අවසර ලබා දී ඇති දේශීය ගුවන් සමාගම් ගණන 40කි.

පසුගිය අවරුදු 25 ක කාලයේදි අදාළ මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරුණේ රත්මලාන හා බත්තරමුල්ලේ සිටයි.

නව තීරණයත් සමග කොළඹ නගරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සංවර්ධනයට පහසුකම් සැලසෙන බව රජය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *