ගුවන් මගීන් අපහසුතාවට ලක් නොවිය යුතුයි

(කොළඹ, ලංකාපුවත්) –රටින් පිටවීමේදී සහ මෙරටට පැමිණීමේදී කිසිදු ගුවන් මගියකු අපහසුතාවකට හෝ ප්‍රමාදයකට ලක් නොවන ආකාරයෙන් ක්‍රියා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (16) ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගුවන් තොටුපොළ ආශ්‍රිත ආරක්ෂක වැඩපිළිවෙළ මහජනතාව අපහසුතාවට ලක් නොවන ආකරයෙන් සිදු විය යුතු බව ඊයේ පස්වරුවේ කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

රටින් පිටව යන සාමාන්‍ය ගුවන් මගියෙකු ගුවන්තොටුපොළට ඇතුල්වන අවස්ථාවේ සිට මගී පර්යන්තය ඔස්සේ ගුවන්යානයට පිවිසීම දක්වා සහ රටට පැමිණෙන ගුවන් මගියෙකු පිටතට පැමිණෙන තෙක් ගතවන කාලය, ස්ථාන සහ ක්‍රියාවලිය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

පැමිණීම සහ පිටවීම සඳහා අංගන දෙකක් නිර්මාණය කිරිමෙන් කාර්යක්ෂම සේවාවක් මගීන්ට ලබාදිය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව මගී පර්යන්තයේ වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *