රන්ජන් සමග දුරකතන සංවාදවල නිරත වූ මහේස්ත්‍රාත් ධම්මිකගේ සේවය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල නිරත වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය අත්හිටුවා තිබේ.

ආන්දෝලනාත්මක දුරකතන හඩපට වලින් හෙළිවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට ද නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

සිද්ධියට අදාළ හඩපට ඇතිබව කියන මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් පිලපිටිය, පත්මිණි රණවක, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට උපදෙස් දී ඇති බව අධිකරණ වාර්තා සදහන් කරයි.

මේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *