ගිනි අවියක් කි‍්‍රයාත්මකවීමෙන් හිමි නමක් අපවත්වීම පිළිබඳ වාර්තාවක් කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) –හුංගම හාතාගල දෙණිය පාරේදී පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් කි‍්‍රයාත්මකවීමෙන් හිමි නමක් අපවත්වීම පිළිබඳව වාර්තාවක් කැඳවීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.

සිද්ධිය පිළිබඳ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබාදෙන බව වැඩ බලන පොලිස්පතිවරයාට අද(20) ලිඛිතව දැනුම් දෙන බව කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය.

මෙලෙස අපවත්වූයේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ 22 හැවිරිදි හාතාගල රජමහා විහාරවාසී පූජ්‍ය උණාවටුනේ සීලරතන හිමියන්ය.

අපවත් වී වදාල හිමි නම විශ්ව විද්‍යාලයට යාමට ඊයේ දහවල් 11ට පමණ නායක හාමුදුරුවන්ට වැඳ අවසර ලබා ගෙන ඇති බවත්, දෙනියේ දානමය පිංකමට එක් හිමිනමකගේ අඩුවක් තිබෙන හෙයින් උන්වහන්සේට වඩින ලෙස නායක හාමුදුරුවන් කළ ඉල්ලීමට අනුව අපවත් වූ හිමිනම වැඩිය බව හාතාගල පුරාණ රාජමහා විහාරාධිපති පල්ලේගම ජිනරතන නා හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *