මහ කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 2.4ක වී අස්වැන්නක්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර මහ කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 2.4ක වී අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මහ කන්නයේදී අස්වැද්දවීමට අපේක්ෂා කළ හෙක්ටයාර අටලක්ෂ දහනවදාහකින් වගා කර ඇත්තේ හෙක්ටයාර හය ලක්ෂ හයදහස් හත්සිය දෙකක්, එනම් සියයට 74ක ප්‍රතිශතයකි. හෙක්ටයාර 20,000ක් පමණ ජල ගැල්මෙන් විනාශයට පත් වී තිබීම නිසා වගා කිරීමට නොහැකි වී තිබේ.

මෙම වී අස්වැන්නෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.5 ක් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සඳහන් කළේය. එය මාස 7කට ආසන්න කාලයක පාරිභෝජනයට ප්‍රමාණවත් වී අස්වැන්නක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *