මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) –මුඛ පිළිකා වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.

දෛනික රෝගීන් තුන් දෙනෙකු මියයන තරමට මුඛ පිළිකාව මෙරට තුළ ව්‍යාප්තවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූඛ පිළිකා පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කුමාර කිතලවආරච්චි මහතා සඳහන් කළේය.

දිවයින පුරා දිස්ති‍්‍රක් 9 ක වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අවසන් කර තිබේ. මුඛ පිළිකා මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම සහ හැකි ඉක්මණින් නිසි ප‍්‍රතිකාර ආරම්භ කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *