විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වියළි කාලගුණයත් සමඟ විදුලිබල ඉල්ලුමේ ද ඉහළ යාමක් පවතින බව විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය. දෛනික විදුලි ජනනයෙන් සියයට70ක් පමණ තාප බලාගාර හරහා ජනනය කිරීමට සිදුව ඇති බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *