නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 05ක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.

කටාර් රාජ්‍ය,තුර්කිය, ලක්සම්බර්ග් රාජ්‍ය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු ද පකිස්ථානය සඳහා මහකොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති.

ශ්‍රී ලංකාව හා මෙම රටවල් අතර අධ්‍යාපනය,සංවර්ධන,තාක්ෂණ සහ කෘෂිකාර්මික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී නව රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂ්ත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය කර ගැනිමට කැපවන බවට ඔවුහු ප්‍රතිඥ දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *