හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාශයට

(කොළඹ, ලංකාපුවත්) – බද්දේගම හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට මේවන විට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

රන්ජන් රාමනායක සමඟ සංවාදයක නිරතවූ හඬ පටය නිකුත් වීම හේතුවෙන් ඔහු වැඩ තහනමට ලක්ව ඇත.

ආන්දෝලනාත්මක දුරකතන හඬපට සම්බන්ධයෙන් විනිසුරු ගිහාන් පිලපිටිය, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබුණි.

ඒ අනුව ඊයේ (20) සහ පෙරේදා (19) යන දිනවලදී විනිසුරු ගිහාන් පිලපිටිය සහ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *