(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන තාක්ෂණයේ මූලික කාර්යභාරයෙන් එහා ගිය සමාජයක දැන් අපි ජීවත් වෙමින් සිටිමු. අතීතයේදී හුදෙක් පුද්ගල සන්නිවේදනය පමණක් මුල්කරගත් එය අද වන විට සමාජ විපර්යාස ,සංවර්ධන කාර්යයන්,අධ්‍යාපනය ,තාක්ෂණය යනාදී ක්ෂේත්රයන් සඳහා විසඳුම් ලබා දෙන මූලික ප්‍රභවයක් බවට පත්ව ඇත.
දුරකථන ක්ෂේත්රයේ ඇතිවී තිඛෙන මෙම නව වෙනස සහ අනාගතයේ එහි හැඩය සහ ආර්ථීකයට ඉන් ඇතිවන බලපෑම පිලිබඳ එයාර්ටෙල් ලංකා හි කළමණාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ජිනේෂ් හෙග්ඩේ මහතා මෙසේ අදහස් දක්වයි.
ශක්තිමත් ඩිජිටල් ආර්ථීකයක් කරා යාමේදී ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය ඔබ තක්සේරු කරන්නේ කෙසේද?
මෙහිදී පළමුවෙන්ම ඩිජිටල් ආර්ථීකයක් යනු කුමක්දැයි අප හඳුනාගත යුතු වෙනවා.එය පුළුල්ව පවසන්නේ නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රධාන සාධක ලෙස ඩිජිටල්කරණය කළ තොරතුරු සහ දැනුම භාවිතා කරනවා නම් එහි ඩිජිටල් ආර්ථීකයක් ඇති බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්.පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවාවන් තුළ ඩිජිටල් රැල්ලක් ව්‍යාප්ත වනවා අප දැක තිඛෙන අතර ඒ සඳහා ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් පුළුල් කිරීම,ගෝලීය වශයෙන් දැරිය හැකි මිලකට ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලට පැමිණීම සහ ඒ තුළින් වැඩි පිරිසකට එම තාක්ෂණය භාවිත කිරීමේ අවස්ථාව උදාවීම,යනාදී කරුණු ඒ සඳහා ප්‍රභල ලෙස බලපා තිබේ.තවද අතීතයේදී දුරකථන සමාගම් සම්ප්‍රදායික මිල සහ පැකේජයන් සම්බන්ධ කරුණු කෙරෙහි පමණක් අවධානය යොමු කළ අතර වර්තමානයේ එම තත්ත්වය වෙනස් වෙනස්වෙමින් පවතී,ඒ අනුව බැලීමේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථීකයක් කරා සාර්ථකව ගමන් කරමින් සිටින අතර මේ වන විටත් නිෂ්පාදන සහ සේවාවන් සක්‍රීය ලෙස ඩිජිටල් කරණය වෙමින් පවතින බව ප්‍රකාශ කරන්න පුළුවන්.
මෙම නව අභියෝගයට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික දුරකථන සමාගම් කුමක් කළ යුතුද ?
මෙහිදී සැපයුම් මත පදනම් වූ ක්‍රමවේදයේ සිට නව ඉල්ලූම මත පදනම් වූ ඩිජිටල් සන්නිවේදන සේවා සැපයුම් කෙරෙහි ඔවුන් තම අවධානය යොමු කළ යුතු වනවා.එනම් ජාලකරණ සේවාවේ සිට පරිශීලක සේවාවන් වෙත මාරු වීම මින් අවධාරණය කෙරෙනවා.විශේෂයෙන් පරිශීලිකයන්ට එසේත් නැතිනම් ඩිජිටල් පාරිභෝගිකයන්ට සැබෑ වටිනාකමක් නිර්මාණය කල හැකි නව හඳුන්වාදීමට දුරකථන සමාගම් මෙහයුම්කරුවන් මෙහිදී අවධානය යොමු කල යුතු වෙනවා
නාගරික සහ ග්‍රාමීය ජංගම දුරකථන දත්ත භාවිත කිරීම පිලිබඳ පරතරයක් තිබේද ?
පොදුවේ ගත්කළ සියලූම පාරිභෝගිකයින්ගේ ඒකාකාර හැසිරීම් රටාවක් දක්නට ලැඛෙනවා .දුරකථන සේවාවන්ගේ ප්‍රධානතම අංශ දෙක වන හඬ සහ දත්ත සේවාවන් සැලකීමේදී බොහෝ පාරිභෝගිකයන් අද වන විට දත්ත පාරිභෝජනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා අපට දක්නට ලැඛෙනවා .කෙසේවෙතත් නාගරික සහ ග්‍රාමීය දත්ත පාරිභෝජනයේ පැහැදිළි වෙනසක් දක්නට ලැඛෙන අතර දත්ත පාරිභෝජනයෙන් 70% ක්ම නාගරික දිස්ත්‍රික්ක වලට සීමා වී ඇති බව මෙහිදී අපට පෙනී යනවා.කෙසේවෙතත් මෙම පරතරය අවම කිරීම සඳහා එයාර්ටෙල් ආයතනය සැලසුම් රාශියක් ක්‍රියාත්මකකරමින් තිඛෙනවා.
අධ්‍යාපනය සඳහා ඩිජිටල් ආර්ථීකයේ බලපෑම මොන වගේද ?
පෙර පරම්පරාවට සාපේක්ෂව වත්මන් පරපුර නව තාක්ෂණය ඉතාමත් ඉක්මනින් අවබෝධ කර ගනිමින් සිටින අතර ඔවුන්ගේ බොහෝ කටයුතු නව තාක්ෂණය හා මුසු වී තිඛෙනවා.නමුත් අධ්‍යාපන අන්තර්ගතයන් ඩිජිටල්කරණය කිරීමත් ඉගෙනුම පන්ති කාමරයට පමණක් සීමා නොකර විවිධ මාර්ග ඔස්සේ එය ව්‍යාප්ත කළ යුතු වනවා.එවගේම අධ්‍යාපනය සඳහා දීර්ඝ කාලීන සැලසුම් තිබිය යුතු අතර ‘ස්මාර්ට් පාසල්’ වැනි ව්‍යාපෘති ඩිජිටල් අධ්‍යාපනයේ ධනාත්මක හැරවුම් ලක්ෂයයන් සේ සලකන්න පුළුවන්.එසේම අධ්‍යාපනය යනු ජීවිත කාලය පුරාම සිදුවිය යුත්තක් වන අතර අප අපගේ එයාර්ටෙල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් එවැනි ඩිජිටල් දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිත කරමින් සිටිමු.
ඩිජිටල් ආර්ථීකයක් තුළ රැකියා ස්වභාවයේ කුමන වෙනසක් සිදුවේද?
මේ වන විටත් බොහෝ ආයතන ක්‍රියාත්මක වන්නේ උදේ 9 ත් සවස 5 ත් අතර වන පැර‚ සුපුරුදු වැඩ කාලය තුල වන අතර ඩිජිටල් ආර්ථීකය තුළ එය නම්‍යශීලී වැඩ කාලයක් සඳහා වෙනස් වනු අපට දක්නට පුළුවන්,ඒවගේම සම්ප්‍රදායික තනතුරු ධූරාවලියන් හි වෙනස්වීම් ද මෙහිදී අපට දක්නට ලැඛෙන අතර ආයතනයන් එසේත් නැතිනම් සංවිධානයන් හි ව්‍යුහයන් ද සමතල ආකාරයක් ගනු ඇත.එසේම ලැප්ටොප් පරිඝණකයක් තුලින් තම සේවා නිවසේ සිට සපයන තරුණ පරම්පරාව මේ වන විට ශීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර ඉදිරියේදී එම ප්‍රතිශතය තවදුරටත් වැඩිවනු ඇත.ඒවගේම අප ඩිජිටල් රැකියා ක්ෂේත්රයන් පිලිබඳ කතා කරනවා නම් මීට පෙර අප අසා නොතිබූ වෘත්තීය නම් මේ වන විට රැකියා වෙළඳපොළ වෙත පැමිණ තිබේ.එය යෙදුම් සංවර්ධකයින්ගේ සිට වෘත්තීය ඊ-ක්‍රීඩා විචාරකයින් දක්වා වර්ධනය වී තිබේ. සැබවින්ම සියල්ල ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතී. අප කළ යුත්තේ ඒ සඳහා අපගේ තරුණ පරම්පාරව නිසි සැලසුමක් සහිතව සුදානම් කිරීමයි.