(කොළඹ, ලංකාපුවත්) –ලෝක මව්කිරි ලබාදීමේ ප්රවණතා ඇගයීමේ වැඩසටහනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි. එම වැඩසටහනේ හරිත වර්ණ කේතය ලබා ගනිමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ ඇත.
ලොව රටවල් 120 ක නියෝජනය ඇතිව සිදු කරන මෙම වැඩසටහනේදී නිර්නායක 10 ක් පාදක කරගනිමින් වර්ණ කේතකරණය අනුව රටවල් ශ්‍රේණිගත කිරීම සිදු කෙරේ. ඒ අනුව රටවල් රතු, කහ,නිල් සහ කොළ ලෙස සිය කාර්යසාධනය අනුව ශ්‍රේණිගත කෙරේ.
පළමු මාස හය තුළ මව්කිරි පමණක් දරුවන්ට ලබා දෙන්නේ සියයට හතළිස් එකක ප්‍රතිශතයක් පමණක් බව හෙළිව තිබේ. ලෝක සෞඛ්‍ය සමුළුව මගින් 2025 වසර වන විට මෙම ප්‍රතිශතය සියයට පනහක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සෑම රටකටම ලබා දී ඇත.
එහෙත් ශ්‍රී ලංකාව මේ වන විටත් එම ප්‍රතිශතය සියයට අසූ දෙක ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.