ස්විස් නිලධාරිනියගේ ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කරන්නැයි නියෝග

(කොළඹ, ලංකාපුවත්) –ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයට අයත් ජංගම දුරකතනය රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(21) නියෝග කළේය.

ඒ ජංගම දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීම සදහාය.

ගානියා බැනිස්ටර්, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක වන බැවින් ඇයගේ ජංගම දුරකතනය තානාපති වරප්‍රසාද සම්බන්ධයෙන් ඇති වියානා සම්මුති පනතේ වගන්තිය අනුව පරික්ෂාවට ලක් කල නොහැකි බව විත්තිපාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබුනි. කෙසේ වෙතත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ප්‍රකාශ කලේ රසපරික්ෂකවරයා වෙත ජංගම දුරකතනය යොමුකරන්නේ විමර්ශනවලට අදාළ තොරතුරු ලබාගැනීමට බවයි.

ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී ස්විස්ටර්ලන්ත දූත මණ්ඩල කාර්යන්වලට මැදිහත් නොවන ආකාරයට විස්තර ලබාගෙන රහස්‍ය වාර්තාවක් ලෙස අධිකරණයට විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රස පරික්ෂකවරයන්ට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *