(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභීන්ට සහල් සදහා සහනාධාරයක් ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගිකයින්ට ද සහන සැලසීම එහි අරමුණ වේ.
පොහොර සහනාධාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළේය. කෘෂිකර්ම අමාත්‍යාංශය කඩිනමින්ම යළි ගොවිජන මන්දිරය වෙත රුගෙන යාමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.