2020ට අදාළ පෙළ පොත් සියලු පාසල්වලට බෙදා අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසර සඳහා අදාළ සියලු පෙළපොත් මේ වන විට පාසල්වලට ලබාදී අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෙළපොත් හිඟතාවක් පවතින්නේ නම් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස දැනුම් දෙයි.

පෙළපොත් ලැබීමෙන් පසු ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනසක් හෝ ඉල්ලුම් කළ සංඛ්‍යාවල සංශෝධනයක් සිදු වූ අවස්ථාවල පෙළපොත් ඌනතා සිදුව හැකිය. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ බෙදාහැරීමේ අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වෙත 011 2785306 දුරකතන අංකයට දැනුම් දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *