72 වන නිදහස් සමරු උළෙල අභිමානවත්ව

(කොළඹ, ලංකාපුවත්) –72 වන නිදහස් සමරු උළෙල අභිමානවත්ව සහ උත්කර්ෂවත්ව අන්දමින් සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. මෙවර එහි තේමාව වන්නේ ‘සුරක්ෂිත දේශයක් – සෞභාග්‍යමත් රටක්‘ යන්නයි.

පෙබරවාරි 04 වැනිදා නිදහස් සමරු උළෙල මෙවර පැවැත්වෙන්නේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේය. ඊට සමගාමි ආගමික වතාවත් ලබන 02 වැනිදා සිට පැවැත්වේ. පරිත්‍රාණ ධර්මදේශනාව ලබන 02 වැනිදා රාත්‍රි 9.30 සිට පසුදා අලුයම තෙක් කොළඹ නිදහස් මන්දිරයේදි පැවැත්වේ. පසුදා හීල්දාන පිංකම කොළඹ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැත්විමට නියමිතය.

ජාතික දින ආගමික වතාවත් කොල්ලුපිටිය. පොල්වත්ත ධර්මකිත්‍යාරාම විහාරස්ථානයේදි පැවැත්වෙනු ඇත. ජනාධිපතිතුමා, අගමැතිතුමා, කතානායක තුමා ඇතුඵ මැති ඇමතිවරු ඒ සදහා සහභාගි වෙති.

හින්දු ආගමික වතාවත් 04 වැනිදා පෙරවරුවේ මයුරාපති ශ්‍රි භද්‍රකාලි අම්මාන් කෝවිලේ දි පැවැත්වේ. ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් පල්ලියේදි පැවැත්වේ. රෝමානු කතෝලික දේව මෙහෙය එදින පෙරවරුවේ බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විමට නියමිතය. ක්‍රිස්තියානි ආගමික වතාවත් බගතලේ බැප්ටිස් දේවස්තානයේදි පැවැත්වීමට නියමිතය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රිමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්විමද එදින සිදු කෙරේ.

නිදහස් දිනය නිමිත්තෙන් සියලු නිවෙස්වල සහ ආයතනවල ජාතික කොඩිය ඔසවා තැබීමටත් ඒවා ආලෝකමත් කිරිමටත් කටයුතු කරන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඉල්ලිමක් කරයි. ඊට සමගාමිව සෑම ගෙවත්තකම පැළයක් සිටුවිමටද ක්‍රියා කෙරේ. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් ස්වෙච්ඡා සහ අනෙකුත් ආයතනවල සහභාගිත්වයෙන් පැළ සිටුවිමේ සහ ශ්‍රමදාන වැඩසටහන් සංවිධාන කෙරේ.

72 වැනි නිදහස් සමරු උළෙලේ පෙරහුරු වැඩසටහන් ලබන 26 . 31 සහ පෙබරවාරි 01. 02. 03 යන දිනවල පැවැත්විමට නියමිතයි. ඒ සදහා විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.

මීට සමගාමිව ගුවන්හමුදා සංදර්ශනය. නාවික හමුදා යාත්‍රා සංදර්ශනයද පැවැත්විමට කටයුතු යොදා තිබේ. ජනාධිපති උත්තමාචාර වෙඩිමුර සහ නාවික හමුදාව වාර්ෂිකව පවත්වන සම්මාන වෙඩි මුරද පැවැත්වෙනු ඇත. ජනනතාවට ද උළෙල දැක බලා ගැනිමේ අවස්ථාව සලසා ඇතැයි අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *