කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතත් ගොවිජන මන්දිරයට

(කොළඹ, ලංකාපුවත්) –රාජගිරිය ප්‍රදේශයේ මතභේදාත්මක ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිහිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය බත්තරමුලේ පිහිටි ගොවිජන මන්දිරයට රැගෙන ගොස් තිබේ.

අද(23) උදෑසන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පමණක් මෙලෙස ගොවිජන මන්දිරයට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

අනතුරුව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය එහි සිට නිල වශයෙන් රාජකාරී ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *