රිෂාඩ්ගේ සොහොයුරා ලබන මස 06 තෙක් දක්වා රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බද්යුදීන් ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (23) විභාගයට ගැනුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රිෆ්ඛාන් බද්යුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණි.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකස් කර අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට මෙලෙස ඉදිරිපත් කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *