ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පා.ම. රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ. විනිසුරුවරයා විමර්ශනයේ සැකකරුවකු ලෙස නම් කර අධිකරණ වරෙන්තුව ලබා ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + sixteen =