හොඳම වෛද්‍යවරයා යාපනයේ ශික්ෂණ රෝහලෙන්

(කොළඹ, ලංකාපුවත්) – කැනේඩියානු දෙමළ කොංග්‍රසය විසින් හොඳම දෙමළ ජාතික වෛද්‍යවරයා වශයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති මහතා තෝරාගෙන තිබේ.

ඒ වෙනුවෙන් ඔහුට හිමි සම්මානය හා සහතික පත්‍රය පිරිනැමීම පසුගිය 20 වැනිදා කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේදී සිදු කෙරිණි. වෛද්‍ය

පී. සත්‍යමූර්ති මහතා මෑතකදී ශ්‍රී ලංකාවේ හොඳම රාජ්‍ය සේවකයා තේරීමේ තරගයෙන්ද දෙවන ස්ථානය හිමි කරගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *