වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට කුරුඳු වත්තෙන් ඉඩමක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීමට පහසුකම් ඇති කිරීමෙන් ගුණාත්මක විශේෂඥ වෛද්‍යවරු බිහිකිරීමට කොළඹ 07, මහාචාර්ය නන්දදාස කොදාගොඩ මාවතේ(නොරිස් චැනල්) පිහිටි හෙක්ටයාර් 0.2074ක ඉඩම හා එහි පිහිටි ගොඩනැඟිලි කිසිදු බදුගෙවීමකින් තොරව නීත්‍යනුකූලව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයට පවරාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් බදාදා පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එම මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

මෙම වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය වසර තිහක කාලයක් පමණ පවත්වාගෙන ගොස් ඇත්තේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍යාංශයට අයත් නැති ඉඩමක හා එහි පිහිටි ගොඩනැඟිලිවලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *