ඇෆ්ගනිස්ථායේ මගී ගුවන් යානයක් කඩා වැටෙයි

(කොළඹ, ලංකාපුවත්) – මගීන් 83 දෙනෙක් රැගත් ඇෆ්ගනිස්ථාන අරිආනා ගුවන් සේවයට අයත් යානාවක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ තලෙයිබාන් සටන්කාමින් ගේ පාලනයට නතු ගසානි ප්‍රාන්තයට බව සදහන් ය.

බෝයිං 737 – 400 වර්ගයට අයත් මෙම ගුවන් යානය ගිනිගෙන කඩා වැටී ඇත.

අනතුරෙන් පසුව එම ස්ථානයට ලඟා වූ තලෙයිබාන් සටන්කාමින් ගුවන් යානයේ හටගෙන ඇති ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවත් ඇෆ්ගනිස්ථාන විශේෂ බලකායේ සෙබළුන් එම ස්ථානය වෙතට ලඟා වෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් යානයේ ගමන් කරමින් සිටි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අනතුරෙන් කුමක් සිදුවූවාද යන්න මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *