කොරෝනා වෛයිරසයෙන් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ වුහාන් හි මේවන විට පැතිරයන කොරෝනා වෛයිරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වෛයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 2,744ක් දක්වා ඉහඵ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් ආරම්භ වූ මූලාශ්‍රය වන හුබෙයිහි වුහාන් නගරය වෙත ඇතුළු වන හා පිටවන සියලු වාහන නවතා දමා ඇති අතර, ඒ අවට තවත් නගර 16ක සංචාරක තහනම් පනවා ඇත.

තායිලන්තය, එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් ආසාධිතයන් 41ක් විදේශයන්හි තහවුරු වී තිබේ. කෙසේ වෙතත් චීනයෙන් පිටත කිසිදු මරණයක් සිදුවී නොමැත.

කොරෝනා වෛරසය දරුණු උග්‍ර ශ්වසන ආසාදන ඇති කරන අතර නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් මෙතෙක් ඒ වෙනුවෙන් සොයාගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *