Crysbro Next Champ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී කැපීපෙනෙන දක්ෂතා දක්වයි

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලාංකාව පුරා විසිර සිටින යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වාදීමේ අරමුණ පෙරදැරිව මෙරට ප‍්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගමක් වන ක‍්‍රිස්බ්‍රෝ විසින් ක‍්‍රියාත්මක කරන Crysbro Next Champ වැඩසටහන මගින් හඳුන්වාදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් පසුගියදා නේපාලයේ පැවති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ දී රන් රිදී ඇතුළු පදක්කම් 9ක් දිනා ගනිමින් ශ‍්‍රී ලංකාවට කීර්තියක් අත් කර දීමට සමත් විය.

සමස්තයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පදක්කම් 9 ක් දිනා ගත්හ. ධාවන ශූර දිල්ෂි කුමාරසිංහ (ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් 12 වන දොලොස්වන වැඩසටහන) රන් පදක්කම් 3 ක් සමඟින් පිටියට පිවිසි අතර මලල ක‍්‍රීඩක අරුණ දර්ශන (ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් 27 වන වැඩසටහන) රන් පදක්කම් 2 ක් දිනාගත් අතර කෙටි දුර ධාවන ශූරී අමෂා ද සිල්වා රන් හා රිදී පදක්කම දිනා ගත්තේය. චනුක සන්දීපා (ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් කථාංගය 4) රන් පදක්කමක් දිනාගත් අතර පිහිනුම් ක‍්‍රීඩක අකලන්කා පීරිස් රිදී පදක්කමක් දිනා ගත්තේය.

වයස අවුරුදු 20 දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ලාබාලම සාමාජිකයා වූ කුමාරසිංහ කාන්තා මීටර් 400 සහ මීටර් 800 ඉසව්වෙන් සහ මීටර් 4 x 400 සහය දිවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගත්තේය. අරුණ දර්ශනා පිරිමි මීටර් 400 සහ පිරිමි මීටර් 4 x 400 ධාවන ඉසව්වෙන් ජයග‍්‍රහන අත්කර ගත්තේය. මේ අතර, සන්දීපා මීටර් 4 x 100 සහය දිවීමේ කණ්ඩායමේ කොටසක් වූ අතර එය දකුණු ආසියානු නව වාර්තාවක් තැබූ අතර, ද සිල්වා ජයග‍්‍රාහී කාන්තා මීටර් 4 x 100 සහය දිවීමේ කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර කාන්තා මීටර 100 ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තේය. මීටර් 50 පසුපස පහරින් නව ජාතික වාර්තාවක් පිහිටුවීම.

මේ පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ ජ්‍යෙෂ්ඨ අළෙවි කළමනාකාර අමෝරේස් සෙලාර් මහතා ‘‘ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් වැඩසටහන තුලින් හඳුන්වාදුන් නේපාලයේ පැවති දකුණු ආසියා ක‍්‍රීඩා උළේලේදී ශී‍්‍ර ලංකා ධජය ඉහළට ඔසවා තැබූ මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබඳව අපි බෙහෙවින්ම සතුටට පත්වෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වය දිවයින පුරා වෙසෙන වේදිකාවක් නොවු ක‍්‍රීඩා හැකියාවන් හදුනා ගැනීමට හා පෝෂණය කිරීමට අප දරන උත්සාහය ස්ථිර ලෙස සනාථ කරන අතර මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔවුන්ගේ සිහින වලට සමීප කරවීමට පමණක් නොව ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩාවේ හා කීර්තිනාමය ඉහළ නැංවීමට ද උපකාරී වන බව අපට විශ්වාසයි’’.

ක්‍රහිඉරද භැංඑ ක්‍ය්පච හී සියලූ තෝරාගැනීමේ කටයුතු පූර්ණ විනිවිද භාවයකින් යුතුව සිදුකරන අතර සෑම ක‍්‍රීඩකයකුගේම දක්ෂතා වෙන් වෙන් වශයෙන් සළකා බලා ප‍්‍රතිලාභ පිරිනමන බව අමෝරේස් මහතා පවසයි. අඩු ආදායම්ලාභී ග‍්‍රාමීය දුෂ්කර තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තරඟ සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ පුහුණුව මින් ලබා දෙන අතර ඉදිරි වසර වලදී මෙම වැඩසටහන වැඩි ප‍්‍රතිලාභ සහිතව දියත් කිරීමට ආයතනය බලාපොරොත්තු වෙයි.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව vertically-integrated තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට (FARM TO FORK) යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක.ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *