IDH රෝහලට ඇතුළත් කළ සිව්දෙනාට කෙරෝනා වැළඳී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය(IDH) වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණ වාර්තාවලට අනුව එම රෝගීන් සිව් දෙනාට වෛරසය ආසාදනය වී නැතැයිතහවුරු වූ බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා මේ බව තහවුරු කළේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රසායනාගාර සේවා වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ මඟපෙන්වීම යටතේ වෛද්‍ය පර්යේෂණ ආයතනය මෙවැනි හදිසි අවස්ථාවකදී කළ යුතු සියලු දෑ සූදානම් කර තිබිණ. එවන් පසුබිමක පළමු රෝගීන් කිහිපදෙනාගේ සාම්පල පරික්ෂණවලට ලක් කිරීමට අවශ්‍ය පසුබිම් සකස් කර තිබීම විශේෂත්වයකි.

එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳ හෙළි කර සති තුනක් ඇතුළත සාර්ථකව ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *