චීන ජාතිකයින් සඳහා වීසා නිකුත් කිරීමේදී නව නිර්නායක

(කොළඹ, ලංකාපුවත්) – චීන ජාතිකයින්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් වීසා ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය හමුවේ නැවත දැනුම්දෙන තුරු මෙම තීරණය වලංගු බවයි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබද සොයා බැලීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන්තොටුපලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක ඊයේ(27) රාත්‍රී නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *