(කොළඹ, ලංකාපුවත්) – ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ බව සඳහන් 61 දෙනා ලබන මස 11වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහාධිකරණය අද(28) නියෝග කළේය.
ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වන්නේ, නුවරඑළියේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණුව ලැබීමයි. මෙම පිරිස කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචිකරුවන්වේ.