කැනඩා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සම්බන්ධතාවය සාකච්ඡා කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සංහිඳියාව පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින දකුණු ආසියාවේ ගෝලීය කටයුතු පිළිබඳ කැනඩාවේ තානාපති ඩේවිඩ් හාර්ට්මන් මහතා සහ විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අතර අද(28) පැවැති සාකච්ඡාවේ දී මෙ කරුණ අවධානයට ලක්ව ඇත.

ශ්‍රී ලංකා සබඳතාවයේ ධනාත්මක ගමන් මඟ උපයෝගී කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ඉදිරියට ගෙනයාමට කැනේඩියානු රජයට දැඩි කැමැත්තෙන් පසුවන බව එහිදී අවධාරණය කෙරුණි.

එම සාකච්ඡාවේදී ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ අතර එමඟින් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳ ව්‍යුහාත්මක සංවාදයක් සඳහා යාන්ත්‍රණයක් සපයනු ඇති අතර නිතිපතා උපදේශනය සඳහා පහසුකම් සැලසෙනු ඇත.

දීර්ඝකාලීන කැනේඩියානු සංවර්ධන ආධාර මෙන්ම ජාතික භාෂා වැඩසටහන්, බිම් බෝම්බ ඉවත්කීරීමේ කටයුතු ආදිය සදහා කැනඩාව දක්වන සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය.

විශේෂයෙන් වෙළඳ හා ආයෝජන සම්බන්ධයෙන් කැනඩාව සමඟ ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව රවිනාථ ආරියසිංහ මහතා අවධාරණය කළේය. කෘෂිකාර්මික හා වෘත්තීය පුහුණුව සහ නිපුණතා සංවර්ධනය ද තවදුරටත් සහයෝගීතාව සඳහා හැකි ක්ෂේත්‍ර ලෙස හඳුනා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *