ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා වැළදි රෝගියා හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරූ චීන ජාතික කාන්තාවකට නව කොරෝනා වෛරසය වැළදී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.

43 හැවිරිදි එම කාන්තාව ඊයේ(27) දිනයේදි රෝහල්ගත කළ බව ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙරටින් පළමු වරට නව කොරෝනා වෛරස් අසාධිතයෙකු වාර්තා වූ අවස්ථාව මෙය වනු ඇත.

අදාළ කාන්තාව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරට සංචාරයක් සඳහා පසුගිය 19 වනදා මෙරටට පැමිණ ඇති බව වාර්තාවේ.

ඇය මේ වන විට ජාතික බෝවන රෝග ආයතනයේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය වැලදී ඇති බවට හදුනාගත් මෙම චීන ජාතික කාන්තාව විදෙස් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර එම චීන ජාතික කාන්තාව සමඟ මෙරටට පැමිණි සෙසු චීන ජාතිකයින් පිළිබඳව සහ එම කාන්තාව සංචාරය කළ ස්ථාන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *